මධුසමයට ලොව හොඳම තැන් 3ක් ලංකාවේ

2026 වසරේ ලෝකයේ මධුසමය ගත කිරීමට හොඳම ස්ථාන 25 අතර ස්ථාන 3ක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

ලොව ප්‍රසිද්ධ සංචාරක උපදේශක ආයතනයක් වන ‘ට්‍රිප් ඇඩ්වයිසර්’ විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම වාර්තාවට අනූව මෙම ස්ථාන හිමිව ඇති බවයි, වාර්තා වන්නේ.

පසුගිය වසරේ ලොව පුරා සිටින සංචාරකයින් ලබාදුන් තොරතුරු සහ අත්දැකීම් පදනම් කර ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම් සිදුකර තිබෙනවා.

ඒ අනූව, ලෝකයේ මධු සමය ගත කිරිමට හොඳම ස්ථාන අතර 5 වැනි ස්ථානය ගාල්ල නගරයට හිමිව තිබෙනවා.

එම වාර්තාවේ 13 වැනි ස්ථානයේ ඇල්ල නගරයට සහ 22 වැනි ස්ථානය තංගල්ල නගරයට හිමිව ඇති බව ද වාර්තාවනවා.

මෙම වාර්තාවට අනූව ලෝකයේ මධුසමය ගත කිරීමට හොඳම ස්ථානය ලෙස ඉන්දුනීසියාවේ බාලි සැලකෙන අතර දෙවන ස්ථානය මුරුසිය මෙන්ම තෙවැනි ස්ථානය මාලදිවයිනට හිමිව තිබෙනවා.