අත්ට්‍රැක්ටරයක් ප්‍රපාතයකට පෙරළීමෙන් රියැදුරු මරුට

බෝවත්දන මාර්ගයේ සිට ගුරුළුපොත ප්‍රධාන මාර්ගය දෙසට ගමන් කළ දැව පටවන ලද අත්ට්‍රැක්ටරයක් ඊයේ (19) දින දහවල් රියැදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ රියැදුරු හසලක රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 65 ක්වූ බරවර්ධනඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

හසලක පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.