විෂ මත්ද්‍රව්‍ය වැටලීම සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාගැනීමට නව දුරකතන අංක හදුන්වාදීම සදහා පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.
ඒ මේ වසරේ සැළසුම් සහගතව ක්‍රියාත්මක කිරීමට යෝජිත විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් බවයි, පොලිස් මූලස්ථානය නිවේදනය කරන්නේ.
නව ක්‍රමවේදය ඔස්සේ ප්‍රදේශීය පොලිස් කොට්ඨාශ 47 ක් භාර නිලධාරීන් වෙත සෘජුවම තොරතුරු ලබාදීම සඳහා මහජනතාවට අවස්ථාව හිමිවනවා.
දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව පවතින හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අදාළ අංක වෙත මහජනතාවට තොරතුරු ලබාදිය හැකියි.
2024 සහ 2025 වර්ෂයන්හි ශ්‍රි ලංකා පොලිසිය වෙත මහජනතාව ලබාදුන් සහය අගය කරන බවයි, නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරන්නේ.
ලබාදෙන තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා කරන බවද, පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා.
නිවේදනය පහතින්,