විදුලි සැර වැදී දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

විදුලි සැර වැදී පුද්ගලයෙකු හා කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කරදියනාරු, පුලියාවේලි ප්‍රදේශයේදී ඊයේ (29) දින උදෑසන පුද්ගලයෙකුට හා කාන්තාවකට විදුලිසැර වැදීම හේතුවෙන් මියගොස් සිටින බවට කරදියනාරු පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු අවුරුදු 47ක් වූ පංකුඩාවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මරණකාරිය අවුරුදු 48ක් වූ ඒරාවුර් ප්‍රදේශයේ පදිංචිකාරියකි.

කුඹුරු ආරක්ෂාව සඳහා අනවසරයෙන් යොදවා ඇති විදුලි රැහැනක පිරිමි පුද්ගලයා ගැටී ඇති අතර එම පුද්ගලයා බේරා ගැනීමට ගිය කාන්තාවටද විදුලි සැර වැදී ඇති බවට දැනට සිදු කරනු ලබන විමර්ශනයේදි අනාවරණය වී ඇත.

කරදියනාරු පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.