නිදහස් උත්සවයේ පෙරහුරු හේතුවෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

78 වැනි ජාතික නිදහස් දින සැමරුමට අදාළ පෙරහුරු සහ උත්සව කටයුතු හේතුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් අද (30) සිට ක්‍රියාත්මක වන බව පොලීසිය පවසනවා.

ඒ අනුව අද (30), හෙට (31) සහ පෙබරවාරි (02) වන දින පෙරහුරු පුහුණුවීම් පැවැත්වෙන අතර එම දිනවල උදෑසන 7.45 සිට දහවල් 1.30 දක්වා නිදහස් චතුරස්‍රය අවට මාර්ගයන්හි රථවාහන ගමනාගමනය සීමාකිරීම් පනවනු ඇත.

නිදහස් දින උත්සවය හා එහි පෙරහුරු පැවැත්වෙන දිනයන්හි ක්‍රියාත්මක වන විශේෂ රථවාහන සැලැස්ම පිළිබඳව පොලීසිය විසින් නිකුත්කළ නිවේදනය පහතින්,