යෞවනයෝ දකුණු අප්‍රිකාව දණගස්වති

2026 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ දකුණු අප්‍රිකාව සමග පැවැති තරගය ශ්‍රී ලංකාව කඩුලු 5කින් ජය ගත්තා.

තරගය පැවැත්වුණේ සිම්බාබ්වේහි බුලවායෝහිදීයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 261ක් රැස් කළා.

දක්ෂ පඳු යැවීමක නිරත වූ විග්නේෂ්වරන් ආකාශ් කඩුලු හතරක් බිඳ හෙළුවා.

ලකුණු 262ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 46කදී කඩුලු 5ක් දැවී සිටියදීයි.

දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු විරාන් චමුදිත ලකුණු 110ක් රැස් කළා.

ඔහු මෙවර ලෝක කුසලාන තරගාවලියයේදී ලබා ගත් දෙවැනි ශතකය මෙයයි.