ලෝක විවාහක රූ රැජින තෙවන ස්ථානය සබීනාට

අමෙරිකාවේ ලාස් වේගාස්හි පැවති 41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවෙන් සහභාගී වූ සබීනා යූසෆ් සමත්ව තිබෙනවා.

මෙම තරඟය මෙරට වේලාවෙන් අද (30) පෙරවරුවේ අවසන් වුණා.

තරගාවලියේ කිරුළ හිමිකර ගැනීමට සමත් වුණේ, තායිලන්තයෙන් සහභාගී වූ තරගකාරියයි.

මෙම තරගය සඳහා ලෝකයේ රටවල් 60කට අධික රූ රැජිනියන් පිරිසක් එක්ව සිටියහ.