ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ලබන 19 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා.
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා.
ඒ අවස්ථාවේදී නීතිඥවරු අද දින රාජකාරී වලින් ඉවත් වීමට තීන්දු කිරීම නිසා මෙම නඩුව ලබන 19 වනදා දක්වා කල්තැබීමට අධිකරණය තීන්දු කළා.
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.
