IMF කළමනාකාර අධ්‍යක්ෂිකා සහ අගමැතිනිය අතර හමුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා Kristalina Georgieva මහත්මිය අග්‍රාමාත්‍යවරිය අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ් ඊයේ (17) දින අරලියගහ මන්දිරයේදී.

ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික ස්ථාවරත්වය සහ ඒ සඳහා වත්මන් රජයේ කැපවීම පිළිබඳව ඇය සිය ප්‍රසාදය පළකළ අතර ස්වභාවික විපත්වලින් සිදුවූ හානිය සහ ආර්ථික අභියෝග කළමනාකරණය කිරීමේ රජයේ වැඩපිළිවෙළ පිළිබඳවද එහිදී ඇය විශේෂයෙන් සඳහන් කර තිබෙනවා.