ශ්‍රී ලංකාව සහ නවසීලන්ත තරගය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

අද (25) රාත්‍රී 7.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත 20-20 ශ්‍රී ලංකාව සහ නවසීලන්තය ක්‍රිකට් තරගය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය දැනුම්දෙනවා.

මෙම තරගය නැරඹීමට විශාල ප්‍රේක්ෂක පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් ඊට අදාළව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටයි, පොලීසිය මේ වන විට තීරණය කර ඇත්තේ.