ගිනිකොණ දිග බ්‍රසීලයේ ඇතිවූ හදිසි ගංවතුර සහ නායයෑම් තත්වයක් හේතුවෙන් පුද්ගලයින් 25 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.
ප්‍රදේශයට බලපෑ දැඩි වර්ෂාපතනය හේතුවෙන් මෙම තත්වය හටගෙන තිබෙනවා.
විපතට පත්වූවන් ගලවාගැනීමේ මෙහෙයුම් මේ වනවිටත් ක්‍රියාත්මකයි.
ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ගලවාගැනීමේ කටයුතු දුෂ්කර වී ඇති බවයි බලධාරීන් පවසන්නේ.
ගංවතුරින් සහ නායයෑම් වලින් නිවාස රැසක්ද විනාශ වී තිබෙනවා.
මේ හේතුවෙන් ප්‍රදේශයට ආපදා තත්වයක්ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.
මියගිය අයගේ පවුල්වලට බ්‍රසීල ජනාධිපතිවරයා ශෝකය පළකර ඇති අතර, තුවාලලැබූවන්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන බවයි ඔහු පවසන්නේ.
