හබරණ බිහිසුණු අනතුරක්

හබරණ – මින්නේරිය ප්‍රධාන මාර්ගයේ අඹගස්වැව ප්‍රදේශයේදී අද උදේ සිදු වූ රිය අනතුරකින් 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ඉන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බවයි, රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

හබරණ සිට මින්නේරිය දෙසට ධාවනය වූ ඇඟලුම් සේවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් හා ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ට්‍රැක්ටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදු වුණා.

බස් රථයේ ගමන් ගත් අයෙකුට සහ ට්‍රැක්ටර් රථයේ ගමන් ගත් අයෙකුට බරපතල තුවාල සිදුව තිබෙනවා.

මෙම අනතුරට ලක් වූ බස් රථය, ලොරි රථයක් පසුකර යාමට උත්සහ දැරීමේදී ඉදිරිපසින් පැමිණි ට්‍රැක්ටර් රථයේ ගැටී ඇති බවයි, වාර්තා වන්නේ.

බස් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බව, පොලිසිය පවසනවා.