මැදපෙරදිග යුදමය තත්වය මත එම කලාප වෙත ගමන්කරන ගුවන් ගමන් තවදුරටත් අවලංගු කිරීමට අදාළ ගුවන් සමාගම් සහ සිවිල් ගුවන්සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා.ඒ අනුව අද උදේ වනවිට සම්පූර්ණ ගුවන් ගමන් වාර 205 ක් අවලංගු කර තිබෙන බවයි වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා දැනුම් දෙන්නේ.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මැදපෙරදිග පවතින යුදමය තත්වය මත ගුවන්සේවා ක්ෂේත්‍රයේ වත්මන් තත්වය පිළිබඳව එම අමාත්‍යාංශයේ අද පැවති විශේෂ සාකච්ඡාවකදි. නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ නියෝජිතයන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නියෝජිතයන් සහ ගල්ෆ් කලාපීය සියලුම ගුවන් සේවා සමාගම් නියෝජිතයන් මේ සාකච්ඡාවට එක්ව සිටියා.
