තමන් යුද්ධයට අකමැති නමුත් තම රටට දිගින් දිගටම ප්‍රහාර එල්ල වුවහොත් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට දෙවරක් නොසිතන බව සෞදි අරාබිය පවසනවා.
⃣ ඇමරිකාව සහ ඉරානය අතර පවතින යුධ ගැටුමට රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් ලබා ගැනීමට තමන් කැමැත්තෙන් පසුවන නමුත්, තම දේශයට හෝ එහි බලශක්ති ක්ෂේත්‍රයට දිගින් දිගටම ප්‍රහාර එල්ල වුවහොත් ඊට සමාන අයුරින් ප්‍රතිප්‍රහාර දීමට තමන් පසුබට නොවන බව සෞදි අරාබිය ටෙහෙරානයට දැඩි අනතුරු ඇඟවීමක් සිදුකරමින් දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
⃣ පසුගිය කාලසීමාව පුරා සෞදි අරාබියේ තෙල් නිෂ්පාදන මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් සෞදි රජය සිය දැඩි ස්ථාවරය මෙලෙස ප්‍රකාශ කර ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
⃣ මේ දක්වා ඉරාන ප්‍රහාර එල්ල වීම හමුවේ වුවද සෞදි අරාබිය මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර එය ඉරාන රජයේ පවා පැසසුමට ලක්වී තිබූ අවස්ථාවක සෞදිය මෙලෙස අනතුරු ඇඟවීම විශේෂත්වයක්.
