නේපාල මහ මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵලවලට අනුව මධ්‍යස්ථ මතධාරී රාෂ්ට්‍රීය ස්වතන්ත්‍ර පක්ෂයේ බැලේන්ද්‍ර ෂා මේ වන විට බහුතර බලයක් හිමිකරගැනීමට සමත්ව ඇති බව, එරට මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 35 හැවිරිදි ඔහු එරට ජනප්‍රිය රැප් ගායකයෙක්.
තරුණ නායකත්වයෙන් යුත් කණ්ඩායම්වල විරෝධතාවලින් නේපාලයේ හිටපු අග්‍රාමාත්‍ය කේ පී ශර්මා ඕලි ඇතුළු රජය ඉල්ලා අස්වීමෙන් අනතුරුව එරට පැවැත්වෙන ප්‍රථම මැතිවරණය මෙයයි. බැලේන්ද්‍ර ෂා ගේ ප්‍රධානත්වයෙන් යුත් රාෂ්ට්‍රීය ස්වතන්ත්‍ර පක්ෂය ආසන 165න් සියයකට ආසන්න සංඛ්‍යාවක් දැනටමත් ජයග්‍රහණය කර ඇති බව
