ලෙබනනයට එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර හමුවේ එරට අභ්‍යන්තරයේ අවතැන් වූ පිරිස ලක්ෂ අටකට ආසන්න වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා. ලෙබනන සමාජ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නවතම දත්ත වාර්තාවලට අනුව පුද්ගලයින් හත් ලක්ෂ අසූදහසකට අධික පිරිසක් මේ වන විට අවතැන් වී තිබෙනවා.
ඉන් එක් ලක්ෂ විසිදහසක පමණ පිරිසක් රජය විසින් පවත්වාගෙන යනු ලබන නිල ආරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින බව එම අමාත්‍යාංශය පවසනවා. මේ අතර දේශසීමා ආසන්නයේ පිහිටි අල්මා අෂ්-ෂාබ් නගරයේ රැඳී සිටි එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින් ඉවත් කර ගැනීමට ද පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් පවතින දැඩි අනතුරුදායක තත්ත්වය සලකා එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් එම ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.
ඉරානයේ බැංකු පද්ධතිය ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් කලාපයේ පිහිටි ඇමරිකානු සහ ඊශ්‍රායල ආර්ථික මධ්‍යස්ථාන මෙන්ම බැංකු වෙත ප්‍රහාර එල්ල කරන බවට ඉරානය අනතුරු අඟවා තිබෙනවා.
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට සඳහන් කර ඇත්තේ, කලාපය තුළ පවතින ඇමරිකානු පාලන තන්ත්‍රයට අයත් මූල්‍ය ආයතන ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවයි. මේ හේතුවෙන් කලාපයේ වෙසෙන ජනතාව අදාළ බැංකු පද්ධතිවල සිට කිලෝ මීටරයක වපසරියකින් බැහැරව සිටිය යුතු බවට ද එම නිවේදනය මගින් දන්වා සිටිනවා.
