බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ සැකකරුවන් 02 ක් අත්අඩංගුවට

ඊයේ (21) රාත්‍රී කාලයේ රාමනාදපුරම් පොලිස් වසමේ සින්නසන්දිය ප්‍රදේශයේදී රාමනාදපුරම් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ලීටර් 1,220 ක් හා ඩීසල් ලීටර් 530 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුඅවුරුදු 24 ක් වන ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඊයේ (21) දින සවස අම්බලන්තොට පොලිස් වසමේ මාමඩල ප්‍රදේශයේදී හුංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකරණ ලද තවත්වැ ටලීමකින් බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2,200 (බැරල් 11) සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අම්බලන්තොට පොලිසිය සමත්ව තිබෙනවා. සැකකරුඅවුරුදු 80 ක් වන ජංසගම, මාමඩල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.