බස් ගාස්තු 12.19% කින් ඉහළට

බස් ගාස්තු සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 12.19% කින් ඉහළ යනු ඇති. ඒ අනුව අවම ගාස්තුව රුපියල් 27 සිට 30 දක්වා ඉහළ යාමට නියමිතයි.