නානුඔය පොලිස් වසමට අයත් ග්ලාසෝ වතුයායට ඉහළින් පිහිටි රක්ෂිතයක අද (25) දින උදෑසන ගින්නක් හටගෙන තිබේ.
නුගවඑලිය ප්‍රදේශයේ මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමඟ කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවත්, එම ගින්න ඉතා සීඝ්‍රයෙන් රක්ෂිතය පුරා පැතිර යමින් පවතින බවත් වතු කම්කරුවන් පවසති.
පැතිර යන ගින්න පාලනය කිරීමට මේ වන තෙක් කිසිදු බලධාරියෙකු ඉදිරිපත් වී නොමැති බවට ද ප්‍රදේශවාසීන් චෝදනා කර සිටිති.
