පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ සහ උද්ගතව ඇති ලෝක ඉන්ධන අර්බුදය හමුවේ පාසල් සඳහා නිකුත් කර ඇති උපදෙස් සහ නිර්දේශ පිළිබඳ නැවත දැනුවත් කිරීමක් සිදු කර ඇත.
මේ දිනවල පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය මත පාසල් එළිමහන් ක්‍රියාකාරකම් සඳහා සිසුන් නොයෙදිය යුතු බවට උපදෙස් ලබා දෙමින් 2026.03.12 වැනි දින සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත නිකුත් කරන ලද නිර්දේශ මාලාව සහ ලෝක ඉන්ධන අර්බුදය හමුවේ බලශක්ති කළමනාකරණය කර ගනිමින් පාසල්වල දෛනික පරිපාලන කටයුතු හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා
2026.03.17 වැනි දින නිකුත් කරන ලද උපදෙස් මාලාව නිසි පරිදි ඉටු කළ යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා ප්‍රකාශ කරනවා.
අදාල නිවේදනය පහතින්,