හෙට දහවල් 12.13 ට ඔබ සිටින්නේ කොහේද?

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

බස්නාහිර පළාතේත් පුත්තලම සහ යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදීත් වැසි ඇති විය හැකිය.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව එම නිවේදනයේ සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතී.

හෙට (07) දින දහවල් 12:13 ට දෙහිවල, මහරගම, පන්නිපිටිය, පාදුක්ක, ඇහැලියගොඩ, මස්කෙළිය, සියඹලාණ්ඩුව සහ පොතුවිල් යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.