බදාදා විශේෂ නිවාඩුව අවලංගුයි

රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත ආයතන සඳහා ලබා දී තිබූ බදාදා විශේෂ නිවාඩු දිනය අවලංගු කර තිබෙනවා.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අප කළ විමසීමකදී පැවසුවේ අනිද්දා එනම් 8 වෙනි බදාදා සිට එය ක්‍රියාත්මක වන බවයි.