”සාම සාකච්ඡා වෙනුවෙන් මැදිහත් වූවාට ස්තුතියි” වෑන්ස්ගෙන් පාකිස්තානයට විශේෂ ස්තුතියක්

ඉරාන – අමෙරිකා සාම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වුවද සාකච්ඡා සඳහා මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළ පාකිස්තානයට සිය ස්තූතිය පළ කරන බව අමෙරිකානු උප ජනාධිපති ජේ. ඩී. වෑන්ස් පවසනවා.

පැය 14කට අධික කාලයක් පුරා පාකිස්තානයේ ඉස්ලාමාබාද් හී පැවැති සාම සාකච්ඡාවෙන් පසු පළමුරවට මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමෙරිකානු උප ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ, ඉරානය එක්සත් ජනපදයේ කොන්දේසිවලට එකඟ නොවූ බැවින්, දෙරට අතර සාකච්ඡාවෙන් පසු කිසිදු එකඟතාවක් ඇති නොවූ බවයි.

මෙම සාම සාකච්ඡා සඳහා අමෙරිකා එක්සත් ජනපදය සද්භාවයෙන් පැමිණි බව එක්සත් ජනපද උප ජනාධිපතිවරයා සඳහන් කළා.