පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ නැකත අදයි

පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ නැකත අදට (13) යෙදී තිබෙනවා.

දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදෙන ලෙසයි නැකත් සීට්ටුවේ දැක්වෙන්නේ.

සිංහල අවුරුදු චාරිත්‍රාංගවල පවිත්‍රතාව කෙරෙහි දක්වනු ලැබ ඇත්තේ ඉතා ඉහළ සැලකිල්ලක්.

එබැවින් ඕනෑම සුබ කටයුත්තකට පෙර ස්නානය කිරීමේ චාරිත්‍රයක් ඇතුළත්ව තිබෙනු දැකිය හැක.