ට්‍රම්ප්ගේ තීරණය එක්සත් ජාතීන්ගේ ඇගයීමට

එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා අමෙරිකානු ජනාධිපතිවරයාගේ තීරණය පිළිගන්නා බව ඔහුගේ ප්‍රකාශකයා සඳහන් කර තිබෙනවා.

රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සඳහා අවකාශය සලසා දෙමින් ආතතිය අවම කිරීමට ගත් වැදගත් පියවරක් ලෙස මෙය හඳුන්වන මහලේකම්වරයා, සාම සාකච්ඡා සඳහා පකිස්ථානය දක්වන දායකත්වය ද අගය කරන බව පවසනවා.

සාකච්ඡාවල ප්‍රගතියක් ලබනතුරු ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවා. ඉරානය ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කරනතුරු නාවුක ගමනාගමනය අවහිර කිරීම ද අඛණ්ඩව පවතිනු ඇති බවයි ඇමරිකානු ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.