2025-2026 වර්ෂය වෙනුවෙන් පැවැත්වෙන ගෞතම ශ්රී පාද වන්දනා සමය එළඹෙන මැයි 31 වැනිදා, එනම් වෙසක් පොහොය දිනට පසු දිනෙන් අවසන් කරන බව ශ්රී පාදස්ථානාධිපති හිමියන් පවසනවා.
මැයි 30 වැනිදාට යෙදෙන වෙසක් පොහොය දින ශ්රී පාද උඩ මළුවේදී ආගමික වැඩසටහන් රැසක් පැවැත්වීමට නියමිත අතර
ඉන් අනතුරුව 31 වැනිදා උදෑසන පැවැත්වෙන බුද්ධ පූජාවෙන් පසු, ශ්රී පාද උඩ මළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව සහ සමන් දේව ප්රතිමා රත්නපුර පලාබද්දර සහ කුරුවිට එරත්න මාර්ග ඔස්සේ පෙරහර දෙකකින් පැල්මඩුල්ල ශ්රී පාද රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරවීමට නියමිතව ඇත.
