අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 10 වැනිදා ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
එය දෙසැම්බර් 5 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අද සිට ලබන මස 21 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමයට සිදුකෙරෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් ඒ කේ එස් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසන්නේ.
ජුලි 21 වැනිදා මධ්‍යම රාත්‍රී 12 න් පසු විභාගය සඳහා අයදුම්කළ නොහැකියි.
කිසිඳු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඇය අවධාරණය කරන්නේ.
පාසල් අයදුම්කරුවන් විදුහල්පති මගින්ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවද අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කළ යුතුයි.
පෞද්ගලික අයදුම්කරුවන් විභාගයට අයදුම් කිරීම සඳහා සිය හැඳුනුම්පත භාවිත කළයුතු බවද විභාග කොමසාරිස් ජනරාල් පවසනවා.
www.doenets.lk හෝ www.onlineexames.gov.lk වෙබ් අඩවියට පිවිස අදාළ උපදෙස් අනුව නිවැරදිව අයදුම්පත් ඉදිරිපත් කළයුතුයි.
0112 784 208 / 0112 784 537 / 0112 785 922 යන දුරකතන අංකවලින් හෝ 1911 ක්ෂණික දුරකතන අංකයෙන් විමසීම් කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.
