අන්තර්ජාතික මූල්‍ය අරමුදල, විස්තීරණ අරමුදල් පහසුකම යටතේ පස් වැනි සමාලෝචනය පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට ශ්‍රී ලංකා රජය සමග එළඹුණු බව අද නිවේදනය කළා.
ඒ සඳහා ඊළග පියවර ලෙස IMF අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවිය යුතුයි.
එය ලැබුණු වහාම IMF මූල්‍ය පහසුකමේ 6 වැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 347 ක මුදලක් ශ්‍රී ලංකාවට හිමි වනවා.
දැන් කොළඹ මහ බැංකු පරිශ්‍රයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ මෙරට ප්‍රධානි ක්‍රිස් පැපජෝර්ජියෝ මේ බව නිවේදනය කළා.
