IPL බංග්ලාදේශයේ තහනම්

2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් 20/20 ක්‍රිකට් තරගාවලිය තම රට තුළ විකාශය කිරීම බංග්ලාදේශ රජය විසින් තහනම් කර තිබෙනවා.

ඒ, බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් අයි පී එල් තරගාවලියෙන් ඉවත් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ගත් තීරණයට ප්‍රතිචාරයක් ලෙසයි.

මේ අතර, පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ඉන්දියාවට යෑමද බංග්ලාදේශය ඊයේ ප්‍රතික්ෂේප කළා.

තම රට ඉන්දියාවේදී සහභාගී වීමට නියමිතව තිබූ සියළු තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සලකා බලන ලෙසයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග සංවිධායකයින්ගෙන් ඊයේ ඉල්ලා සිටියේ.