NIE හිටපු අධ්‍යක්ෂකට චෝදනා පත්‍ර භාරදෙයි

2024 වසරේ පැවැති 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න තුනක් කලින් පිටවීමේ සිද්ධියට අදාළව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලින් අධිකරණය විසින් ලබා දුන් තීන්දුවක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් කළේ යැයි චෝදනා ලබා සිටින ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අයි. ජී. එස්. ප්‍රේමතිලක මහතාට අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා පත්‍ර භාරදෙනු ලැබුවා.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩලක් ඉදිරියේ මෙම චෝදනා පත්‍ර භාරදීම සිදුවුණා.