චිලී රාජ්‍යයට රික්ටර් මාපකයේ 7.5ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. භූ කම්පනයත් සමග එරට සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. අවදානම් ප්‍රදේශවල ජනතාව ඉන් ඉවත් කිරීමටද බලධාරීන් පියවර ගෙන තිබෙනවා. චිලී සහ ආර්ජන්ටිනා වෙරළට ඔබ්බෙනුයි මෙම භූ කම්පන තත්ත්වය හටගෙන තිබෙන්නේ. මෙම භූ කම්පන තත්ත්වය එරට වේලාවෙන් අද උදෑසන 9.00ට ආසන්න වේලාවකදී සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
