ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවත්, එය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය මතය අද (22) කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබෙනවා.
ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත භාරදී තිබූ අතර අද පාර්ලිමේන්තුව ආරම්භයේ දී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පහතින්,