2026.08.17 දින සහ 2026.09.08 යන දින අතුරුගිරිය පොලිස් වසමේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත්කිරීමේ අපරාධ දෙකකට අවශ්‍ය කර සිටි සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සිදුවීම් සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිස් ස්ථානය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.
ඒ අනුව විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (19) දින ඉහත අපරාධයන්හි වෙඩික්කරු ලෙස කටයුතු කළ සැකකරු සහ මෙම අපරාධයන් සඳහා ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 21,24,41 සහ 45 වයස්වල පසු වන පාදුක්ක, බණ්ඩාරගම, මෙරොන්තුඩුව සහ අළුබෝමුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
වෙඩික්කරු ලෙස කටයුතු කළ සැකකරු සන්තකයේ තිබී ජීව අත්බෝම්බයක් ද පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර එම සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට වරෙන්තු නිකුත් වූ අයෙක් බවට ද අනාවරණය වී ඇත.
අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
