රුපියල් ලක්ෂ 40කට අධික වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව අළුබෝමුල්ල පොලිසිය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, වදුරම්මුල්ල සේසත මාවතේ පදිංචි පුද්ගලයෙකුයි.
සැකකරු සේසත මාවතේ ගමන් කරමින් සිටියදී පොලිස් කණ්ඩායම පරීක්ෂා කිරීමෙන් පසු සන්තකයේ තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 සොයාගෙන ඇති අතර, නිවස පරීක්ෂා කිරීමේදී අල්මාරියේ සඟවා තිබූ හෙරොයින් මත්කුඩු ග්‍රැම් 190ක් සොයාගෙන තිබෙනවා.
සැකකරු මීට වසරකට පමණ පෙර නිවසේ නිදා සිටියදී පානදුර කුඩු නිලංගගේ පාර්ශවයෙන් වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති අයෙකු බවද පොලිසිය පවසනවා.
ඔහු මීට පෙර 7වරක් මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, ඔහුට එරෙහිව මහාධිකරණයේ නඩු කිහිපයක් විභාග වෙමින් පවතින බවත් වාර්තා වනවා.
