දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩන්ගොඩ හුවමාරු අතර ප්රදේශයේදී වාහන කිහිපයක් එකිනෙක ගැටී රිය අනතුරක් සිදුව තිබෙනවා.
එහිදී එම අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 10 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එලෙස ගැටුණු වාහන අතර මෝටර් රථ හයක්, විශාල ප්රමාණයේ බස් රථයක් සහ සුඛෝභෝගී කුඩා ප්රමාණයේ බස් රථයක් වන බවයි පොලිසිය පැවසුවේ.
