අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රටවල් 12 ක පුරවැසියන්ට එරටට ඇතුලුවීම සම්බන්ධයෙන් පැනවූ තහනම් නියෝගය, අද සිට ක්‍රියාත්මකයි.
ඔහු පවසන්නේ අමෙරිකාවේ ජාතික ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවයි.
ඇෆ්ගනිස්ථානය, හයිටි රාජ්‍යය, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය, යේමනය, මියන්මාරය, චැඩ් සහ කොන්ගෝ ජනරජය, ඉක්වදෝරය, ගිනියාව සහ එරිත්‍රියාව මෙම රටවල් අතරට අයත්.
ඒ අනුව, එම රටවල පුද්ගලයින්ට මොනයම් වූ හේතුවක් නිසා හෝ අමෙරිකාවට ඇතුළු වීම තහනම්.
සම්පූර්ණ තහනමට අමතරව තවත් රටවල් 7 කට අර්ධ සංචාරක සීමා පනවා තිබෙනවා ඒ බුරුන්ඩි, කියුබාව, ලාඕසය, සියෙරා ලියොන්, ටොංගෝ, ටර්කිමෙනිස්තානය සහ වෙනිසියුලාව යන රටවලටයි.
එක්සත් ජනපදයේ නීත්‍යනුකූල ස්ථිර පදිංචිකරුවන්, ද්විත්ව පුරවැසියන්, රාජ්‍ය තාන්ත්‍රික සහ අන්තර් ජාතික සංවිධානවල සංචාරකයින් සහ ප්‍රධාන ක්‍රීඩා ඉසව් සඳහා සංචාරය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම තහනම බලාත්මක නැහැ.
