
අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු ජනාධිපති සමාවට පටහැනිව නිදහස් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්දනාගාර ගත කර සිටින වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල් දෙනිය මහතා ජූලි මස 09 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කොට එදින අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගන්නා ලෙසත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය විසින් පැමිණිල්ලට නියෝග කළා.
එසේම මෙම සැකකරු මේ වනවට රඳවා සිටින බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරයකට මාරු කරන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය කළ ඉල්ලීමකට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් අවසර ලබා දුන්නා