වැල්ලවාය – මොණරාගල ප්රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්රදේශයට අයත් කොටවෙහෙරගල ප්රදේශයේ දී යතුරුපැදියක් මාර්ගය හරහා මාරුවෙමින් සිටි කාන්තාවකගේ හැපීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව වැල්ලවාය මූලීක රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව එම කාන්තාව ජීවිතක්ෂයට පත් වී ඇත.
මෙසේ මියගොස් ඇත්තේ වැල්ලවාය ප්රදේශයේම පදිංචි වයස අවුරුදු 76ක් වන කාන්තාවක් වන අතර අනතුර සම්බධයෙන් යතුරුපැදිකරු වැල්ලවාය පොලිසීය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා.
යතුරුපැදිකරු වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර අනතුර සම්බධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරනවා.
