සැඩ පහරට හසුවූ කාන්තාවකගේ ජීවිතය බේරා ගත් පොලිස් විරුවන්

මල්වතු ඔය පරණ පාලම අසල නාන තොටුපලේ දිය නාමින් සිටි කාන්තාවක් සැඩ පහරට ගසාගෙන යන අවස්ථාවේ ඊයේ (09) දින බේරාගෙන තිබෙනවා.

මෙම කාන්තාව බේරාගෙන ඇත්තේ, එම ස්ථානයේ රාජකාරී යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් සැරයන් 66640 රංජිත්, පොලිස් කොස්තාපල් 76785 නිෂාන්ත හා පොලිස් කොස්තාපල් 93809 ලියනගේ යන නිලධාරින් විසින්.

පසුව එම කාන්තාව බේරාගෙන මූලික ප්‍රථමාධාර ලබාදීමෙන් ඥාතින් වෙත භාරදි ඇත.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ වයස අවුරුදු 54 ක් වන හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.