අමාත්‍ය විජිත හේරත් බෙලරුස්හි ලාංකීය වෛද්‍ය සිසුන් හමුවෙයි

අමාත්‍ය විජිත හේරත් මහතා මින්ස්ක් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද සංස්කෘතික උත්සවයකදී බෙලරුස්හි විවිධ විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන් සමඟ සුහදව සම්බන්ධ වීමට අවස්ථාව ලැබී තිබෙනවා.

විදේශ රටක අධ්‍යාපනය ලබන අපේම දරුවන්ගේ අත්දැකීම් සහ අනාගත අභිලාෂයන් ඔවුන්ගෙන්ම අසා දැනගැනීමට ලැබීම ඉමහත් සතුටක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකාව සහ බෙලරුස් අතර පවතින දිගුකාලීන අධ්‍යාපන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, මෙම සිසුන්ගේ යහපැවැත්ම, අධ්‍යයන කටයුතුවල සාර්ථකත්වය සහ ඔවුන් වෙනුවෙන් සැමවිටම පෙනී සිටීමට රජය සතු කැපවීම මෙහිදී නැවත වරක් අවධාරණය කෙරිණි.