ගෝලීය අභියෝග හමුවේ බිඳවැටී ඇති විශ්වාසය යළි ගොඩනැගීමේ සහ අර්ථවත් පරිවර්තනයක් සිදු කිරීම අවශ්‍ය බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වන මහා මණ්ඩල සැසිවාරය ඊයේ අමතමින්.ශ්‍රී ලංකා රජය හුදෙක් වචනවලට පමණක් සීමා නොවී, ප්‍රතිඵල සහ ක්‍රියාවෙන්ම විශ්වාසය තහවුරු කිරීමට කැපවී සිටින බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේ.
මහා මණ්ඩල සැසිවාරය අමතමින් අමාත්‍ය විජිත හේරත් මහතා සදහන් කලේ විශ්වාසය පළුදු වීමේ සහ සමාජ ගිවිසුම උල්ලංඝනය වීමේ අහිතකර ප්‍රතිවිපාකවලට ශ්‍රී ලංකාව අතීතයේදී මුහුණ දුන් බවයි.
එහෙත් වසර දෙකකට පෙර මෙරට ජනතාව අර්ථවත් වෙනසක් සහ අභියෝගවලට විසඳුම් සෙවීම උදෙසා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රජයට ප්‍රබල ජනවරමක් ලබා දුන් බව අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් සදහන් කළා.
මූලික මට්ටමේ සිටම විශ්වාසය යළි ගොඩනැගීමට රජය අධිෂ්ඨානශීලීව ක්‍රියා කරන බවත්, එය හුදෙක් වචනවලට සීමා නොකර ක්‍රියාවෙන් පෙන්වා දෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
විනයගරුකභාවය සහ ධෛර්යය තුළින් ශ්‍රී ලංකාව ඓතිහාසික පරිවර්තනයකට සහ නව පිබිදීමකට ලක්වෙමින් පවතිනවා.
බටහිර ආසියාව ඇතුළු ලෝකයේ විවිධ ප්‍රදේශවල පවතින ගැටුම් සහ දේශගුණික විපර්යාස මධ්‍යයේ වුවද, 2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික ස්ථාවරත්වය යළි ස්ථාපිත කරගැනීමට සමත්ව සිටින බවද අමාත්‍ය විජිත හේරත් මහතා එහිදි අවධාරණය කළා.
ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව ඉහළ සහ මධ්‍යම ආදායම් ලබන ආර්ථිකයක් ලෙස යළි වර්ගීකරණය කර ඇති අතර, ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන ද මෙම ධනාත්මක ප්‍රවණතාව හඳුනාගෙන තිබෙන බවයි මහා මණ්ඩල සැසිවාරයේදි අමාත්‍යවරයා කියා සිටියේ.
සම්පූර්ණ කතාව පහතින්,
