පළමු වරට ආසියානු ක්‍රීඩා උලෙළකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනා දුන් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා.
සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාසගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි.
සියලුම ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ක්‍රීඩා ලොව ඉහළම ජයග්‍රහණය වන ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීම සඳහා යන ගමන සාර්ථක වන ලෙස තමන් ප්‍රාර්ථනා කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
ජාත්‍යන්තර ජයග්‍රහණ කරා යොමුවන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහායවීමට පූර්ණ කැපවීමෙන් කටයුතු කරන බව සිය එක්ස් පණිවුඩය මගින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
