සිංහයින් අවසන් පූර්ව වටයට

ආසියානු ක්‍රීඩා උලෙළේ, 20-20 පිරිමි ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

ඒ, නේපාල කණ්ඩායම සමග පැවති තුන්වැනි අර්ධ අවසන් පූර්ව තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීමත් සමගයි.

ආසියානු ක්‍රීඩා උලෙළේ 20-20 පිරිමි ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය අද උදෑසන ජපානයේ නිෂින්හිදී පැවැත්වීමට නියමිතව තිබුණා.

එහෙත්, පැවති වර්ෂාපතනය හේතුවෙන් තරගය අතහැරදැමීමටයි, තරග තීරකයින් කටයුතු කළේ.

ප්‍රසාද ලකුණු සටහන අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

පැවති අර්ධ අවසන් පූර්ව තරග 4 ම වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා.

ඔක්තෝබර් පළමු වැනිදා ශ්‍රී ලංකාව ඉන්දියාව සමගින් දෙවැනි අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

පළමු අවසන් පූර්ව තරගයට බංග්ලාදේශය සහ පකිස්තාන කණ්ඩායම් එදිනම තරගවදිනු ඇති.

එම තරග දෙකෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම් ඔක්තෝබර් 3 වැනිදා අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.