අමෙරිකා එක්සත් ජනපදය විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය තුළ නව නාවික ගමනාගමන තීරුවක් සකස් කිරීමට උත්සාහ කිරීම මගින් දෙරට අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම උල්ලංඝනය කරන බව ඉරානය ප්‍රකාශ කරනවා

.කලාපීය ආරක්ෂාව සහ නව ගමනාගමන විධිවිධාන සම්බන්ධයෙන් ඉරානය මේ වන විටත් ඕමාන් රාජ්‍යය සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, යුද්ධයට පෙර පැවති තත්ත්වයට හෝමෝ සමුද්‍ර සන්ධිය ආශ්‍රිත කලාපය පත් කිරීමට අමෙරිකාව බලහත්කාරය යොදවන බවත්, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ බලය අත්හැරීම තමන්ට පැවැත්ම පිළිබඳ ගැටලුවක් බැවින් ඊට ඉඩ නොදෙන බවත් ඉරාන පාර්ශවය අවධාරණය කරනවා.