මත්ද්‍රව්‍ය භාවිතයට හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව සංවිධාන කළ පාගමන මේ වනවිට ක්‍රියාත්මක වනවා.
රටම එකට ජාතික මෙහෙයුම යටතේයි පාගමන ක්‍රියාත්මක වන්නේ.
මත්ද්‍රව්‍ය භාවිතයට හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබෙනවා.
ඊට සමගාමීව රටම එකට ජාතික මෙහෙයුම යටතේ අද දිනයේ වැඩටසහන් රැසක් පැවැත්වෙනවා.
ඒ අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන්.
අමාත්‍ය සරෝජා සාවිත්‍රි පොල්රාජ් මහත්මිය ඇතුළු දේශපාලන නියෝජිතයන් නිලධාරීන් මෙන්ම මත්විරෝධීන් පිරිසක් මීට එක්ව සිටිනවා.
පාගමන ආරම්භ කෙරුණේ කොළඹ චෛත්‍ය පාර ප්‍රදේශයෙන්.
එය කොල්ලුපිටිය මංසන්ධියෙන් අවසන් කිරීමට නියමිතයි.
