2026 අයවැය ලේඛණයෙන් ලබාදුන් පොරොන්දුවක් 2026.04.30 දිනැති චක්‍රලේඛය මගින් බලාත්මක කිරීමේ ප්‍රථිඵලයක් ලෙස රාජ්‍ය දැව සංස්ථාවේ අනියම් සහ දෛනික සේවකයින් 103 දෙනෙකුට (06.25) දින ස්ථිර රාජ්‍ය සේවයේ පත්වීම් හිමිවිය.
ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ සහභාගිත්වයෙන් රාජ්‍ය දැව සංස්ථාවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේදී උත්සවය පැවති අතර අනියම් සේවකයින් 57ක් සහ දෛනික සේවකයින් 46 ක් වශයෙන් සේවය කල 103 දෙනෙකු එහිදී ස්ථිර පත්වීම් ලැබූ පිරිසට එක් විය.
