වෙනිසියුලාවේ මියගිය ගණන 188ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ උතුරු වෙරළ තීරයට බලපෑ ප්‍රබල භූමිකම්පන හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 188ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව, තවත් පුද්ගලයින් 1,520 දෙනෙකු තුවාල ලබා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව එරට ජාතික සභාවේ සභාපති ජෝර්ජ් රොඩ්‍රිගස් ප්‍රකාශ කර ඇත.

එමෙන්ම පුද්ගලයින් 157 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින අතර, සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කරන පුද්ගලයින් 200කට අධික පිරිසක් සොයා මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව සඳහන් වේ.

බදාදා රාත්‍රියේ සිදුවූ රික්ටර් මාපක 7.2 සහ 7.5ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පනවලින් පසු පසු කම්පන 138ක් වාර්තා වී තිබේ.