වැල්ලවාය අලිකොටආර ජලාශයේ ඉහළ ජල පෝශක ප්රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාපතනයත් සමඟ අලිකොටආර ජලාශයේ ජල මට්ටම ශීඝ්රයෙන් ඉහල ගොස් තිබෙනවා.
එම නිසා අලිකොටආර ජලාශයේ වාන් දොරටු තුනක් අඩි එක හමාර බැගින් විවෘත කර ඇති අතර එමගින් නිකුත් කරන ජලය කිරිඳිඔයට මුදා හැරෙන බැවින් කිරිදිඔයේ ජල මට්ටම ශීඝ්රයෙන් ඉහල ගොස් ඇත.
එම නිසා කිරිඳිඔය දෙපස ජනතාව සහ කිරිඳිඔය භාවිතයට ගන්නා ජනතාව අවධානයෙන් පසුවන ලෙස මොණරාගල දිස්ත්රික් ආපදා කළමානාකරණ ඒකකය දැනුම් දෙනවා.
