ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

දිගින් දිගටම පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මෙම අනතුරු ඇඟවීම අද (22) රාත්‍රී 22:00 දක්වා බලාත්මකයි.

ඒ අනුව, මහනුවර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීමේ මට්ටම 2 (අවධානය – ඇම්බර්) යටතේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එහිදී මහනුවර දිස්ත්‍රික්කයේ (උඩපළාත, මැදදුම්බර, කුණ්ඩසාලේ), නුවරඑළිය දිස්ත්‍රික්කයේ (අඹගමුව) සහ රත්නපුර දිස්ත්‍රික්කයේ (රත්නපුර, එළපාත, කුරුවිට) ජනතාවට දැඩි අවධානයෙන් සිටින ලෙස දන්වා තිබෙනවා.

මීට අමතරව, බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මොනරාගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා අනතුරු ඇඟවීමේ මට්ටම 1 (විමසිලිමත් වන්න – කහ) නිකුත් කිරිමයටි කටයුතු කර ඇත්තේ.

අදාළ ප්‍රදේශවල පදිංචි ජනතාවට සහ රියදුරන්ට නායයෑම්, පස් කඩා වැටීම් සහ ගල් පෙරළීම් වැනි අවදානම් තත්ත්වයන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටින ලෙසත්, හදිසි අවස්ථාවකදී ආරක්ෂිත ස්ථාන වෙත යොමු වන ලෙස දැනුම්දී තිබෙනවා.