“දිට්වා සුළි සුළඟින් හානි වූ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන” යටතේ, ඇල්ල – නමුණුකුල – පස්සර මාර්ගයේ (B/113) සංවර්ධන කටයුතු ඊයේ (08 ) නිල වශයෙන් ආරම්භ කෙරුණා.
වසර ගණනාවක් පුරා ප්‍රදේශවාසීන් සහ සංචාරකයින් මුහුණ දෙන දැඩි ප්‍රවාහන දුෂ්කරතාවලට තිරසාර විසඳුම් ලබා දීම මෙමඟින් අපේක්ෂා කෙරේ.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) මඟින් මෙම සමස්ත ව්‍යාපෘතිය මෙහෙයවනු ලබයි.
රුපියල් මිලියන 254.65 ක දැවැන්ත ඇස්තමේන්තුගත පිරිවැයක් යොදවමින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය මඟින්, අදාළ මාර්ගයේ කිලෝමීටර් 3.28 ක අතිශය අබලන් කොටස කාපට් අතුරා පූර්ණ ලෙස නවීකරණය කිරීමට නියමිතය.
මාස හයක කාලසීමාවක් තුළ මෙහි වැඩකටයුතු නිම කිරීමට කාලසටහන් සකස් කර ඇත. ඒ අනුව මෙම ව්‍යාපෘතිය එළඹෙන 2026 දෙසැම්බර් මස 05 වන දින වන විට අවසන් කිරීමට නියමිතව ඇත.
